කොවිඩ් 19 හේතුවෙන් බෙල්ජියම තුළ පළමු මරණය වාර්තා වී තිබේ. 90 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජය තුළ පළමු කෝවිඩ් ආසාදිතයාද වාර්තා වී තිබේ. බෙල්ජියමේ සිට කොංගෝ වෙත පැමිණි පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහුව මේ වන විට නිරෝධායනයට ලක්කරමින් පවතී.
මෙ අතර දකුණු අප්‍රිකාව තුළද කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් හයක් සොයාගෙන අති අතර ඒ අනුව දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13ක් දක්වා වර්ධනය වී තිබේ.