කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3 ක කාර්යාල කොවිඩ් 19 අවදානම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කළුතර පළාත් පාලන සහකාර කොමසාරිස් සඳරේකා වෙල්ගම මහත්මිය පවසයි.
අගලවත්ත,වලල්ලාවිට සහ මිල්ලනිය යන ප්‍රාදේශීය සභා කාර්යාල මෙසේ වසා දමා ඇති අතර එම කාර්යාලවල කාර්යමණ්ඩල වලට කොරෝනා ආසාදනයවීම නිසා මෙම පියවර ගෙන ඇත.
ප්‍රාදේශීය සභා කාර්යමණ්ඩල වලට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කීපයක සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසකටද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් පසුවන බවද වාර්තා වේ.
කාර්යාලවල අනෙකුත් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මෙන්ම එම කාර්යාල වලින් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීමේ අරමුණින් එම කාර්යාල තාවකාලිකව වසා දැමුවත් එම ප්‍රාදේශීය සභාවලින් දෛනිකව සිදුකරන කසල කළමනාකරණ කටයුතු සහ ආදාහනාගාර සේවා ආදී අනෙකුත් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට එම ප්‍රාදේශීය සභා බලධාරීන් සමග සාකච්ජා කර පියවර ගෙන ඇති බවද සඳරේකා වෙල්ගම මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට