කොවිඩ් 19 රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණත් යළිත් එහි වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“කොවිඩ් උවදුරත් සමග ලංකාවේ රිය අනතුරු වල සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් එය වර්ධනය වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ඊයේ දිනයේදී මාරක රිය අනතුරු දෙකක් වාර්තා වී තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මාරක අනතුරු හා අනෙකුත් අනතුරු සිදුවන්නේ රියදුරන්නේ නොසැලකිල්ල හා අපරික්ෂාකාරී බව නිසා. කෙසේ වෙතත් පදිකයන්ගෙන් නොසැලකිල්ල හා අපරික්ෂාකාරි බව නිසාද රිය අනතුරු සිදුවෙනවා.”
වර්ෂයකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා 3000ක් පමණ මිය යන බවත් තවත් 20000ක් බව තුවාල ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.