අඟලවත්තේ ඇගලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව දින දෙකක් වසා දැමීමට එම ආයතනයේ පාලන අධිකාරිය තීරණය කරයි.
හොරන පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් කොවිඩ් ආසාදිතයන් වූ බවට තහවුරුවී වීමත් සමග එහි අනු ආයතන වන අඟලවත්ත කර්මාන්ත ශාලා දෙකක සේවකයින් 50දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන පී සී.ආර්. පරීක්ෂණ කර තිබේ.
ඒ අනුව එහි එක් කර්මාන්තශාලාවක සේවකයන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් මෙසේ එම කර්මාන්තශාලව දින දෙකකට වසා දැමීමට තීරණය කර තිබේ.
ධනුෂ්ක ලංකා නානායක්කාර/ බන්දු තඹවිට