මාර්ගගත වීඩියෝ සන්නිවේදන පහසුකම් සලසන යෙදුමක් ලෙස මේ දිනවල ප්රකටව ඇති ZOOM, සිය දෙවැනි කාර්තුවේදී ආදායම 350%කින් ඉහළ නංවාගෙන ඇති අතර, වසංගතය හමුවේ නිවසේ සිට වැඩකිරීමේ පිළිවෙත සමග බොහෝ ආයතන වීඩියෝ සම්මන්ත්රණවලට යොමුවීමෙන් එහි ලාභය 10 ගුණයකින් වැඩි වී තිබේ.
එක්සත් ජනපදයේ, කැලිෆෝනියාව පදනම් කරගත් වීඩියෝ සන්නිවේදන සේවා සැපයුම්කරු ජූලි 31දා දක්වා කාර්තුව සඳහා ඇ.ඩො.මිලියන 185.7ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 3,300%ක වර්ධනයකි. මෙම කාර්තුවේ ආදායම ඩොලර් මිලියන 663.5ක් වූ අතර, එය 355%ක වර්ධනයකි.
ඉපැයීම් ප්රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.