කොවිඩ් මර්දන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති අය සඳහා දැනට රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ලෙස වෙනස් කර හෝ මේ රෝගය මර්දනය කරන්න ඉලක්කගතව වැඩ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
කොවිඩ් රෝගය මර්දනය කර අපිට මේ රට බේරාගැනිමට හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරිය පළමු සහ දෙවන කොවිඩ් රැලි අපිට මර්දනය කළ හැකි වුවා නම් තුන්වන රැල්ල මර්දනය කිරිම අපහසු කාර්යයක් නොවන බව ඳ සඳහන් කළේය.
මාර්ගෝපදේශ නොපිළිපදින අය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වි තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරිය පවසයි.