කොවිඩ් ආසාදිතව මිය ගිය 79 හැවැරිදි මුස්ලිම් කාන්තාවකගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඇයගේ දේහය ඔට්ටමාවඩි වෙත් ගමන් කරවීමේදී එයට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගයල් 6ක් තුවාල ලබා උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෘත දේහය සහිත රථ්ය ඉදිරිපසින් ගමන් කරන විට එයට ආරක්ෂාව සපයමින් පසුපසින් පොලිස් නිලධාරීන් සහිත වෑන් රථයක් ගමන් කර තිබේ.
එම වෑන් රථයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලොස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්, පිටස්තර පුද්ගලයන් දෙදෙනෙක් හා වෑන් රථයේ රියදුරු ගමන් කර තිබේ.
මෙම වෑන් රථය හැටන් හා ගිනිගත්හේන අතරදී ලිස්සා ගොස් පොරළී ඇති අතර එම අනතුරින් උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෑන් රථයේ ගමන් කළ සෙසු පිරිස තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර තිබේ.
මෘත ශරීරය ගිනිගත්හේන පොලීස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නැවතත් ඔට්ටමාවිඩි දක්වා ගමන් කිරීම ආරම්භ කර තිබේ.
අද පෙරවරු 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරීවරයා යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.