නව කොරෝනා වෛරස වසංගතය පිළිබඳ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත තොරතුරු සපයන රජයන්ට දේශපාලන පසුබෑමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා ප්‍රධානියා අනතුරු අඟවයි.
වෛද්‍ය මයික් රයන් පැවසුවේ ජනතාව සඳහා උවමනාවටත් වඩා සරල කළ, අතිශය සැහැල්ලු විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම දිගු කාලීන උපාය මාර්ගයක් නොවන බවය. ඔහු ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ විනිවිදභාවය, අනුකූලතාව, අවංකභාවය සහ වැරදි පිළිගැනීම තුළ විශ්වාසය ගොඩනඟා ගත හැකි බවය.
වෛද්‍ය රයන් තවදුරටත් කියා සිටියේ නව කොරෝනා වෛරසයට සම්බන්ධ පණිවුඩ සමහර විට දේශපාලන ප්‍රකාශයන් සමග එන අතර, ඇතැම්විට වසර ගණනාවක් පුරා ගොඩනගාගත් විශ්වාසය, මේ නිසා තත්ත්පර ගණනකින් අහිමි වී යන බවය.
විශේෂයෙන්ම මේ තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ආදී රටවල දැකිය හැකි අතර, ඇමෙරිකානු නායකයා මැතිවරණය ඉලක්ක කරමින් එන්නත් හඳුන්වාදීමට යුහුසුළුවීම මෙන්ම, බ්‍රසීල නායකයා මුල සිටම විද්‍යාව විශ්වාස නොකළ සිදුකළ ක්‍රියාවන් නිසා ඔවුන් කෙරෙහි වූ ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ.