කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් තම අමාත්‍යාංශ නිලධාරීන් විසින් කෙටුම් පත් කරමින් සිටින බවත් එය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බවත් වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
අඩු ආදායම් ලාභී පවුල් සාමාජිකයන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට බස්රථ වල මගින් ප්‍රවාහනය කිරීම මීටරයක පරතරයකින් සිදු කළ යුතුව තිබෙන බවත් මේ නිසා බස් රථ වල දෛනික ආදායම විශාල ලෙස පහත වැටෙන බවත් කී ඒ මහතා නව කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය තුළින් ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
මෙම ප්‍රතිපත්තිය මගින් කොවිඩ් තත්වයක් ප්‍රකාශයට පත් කළ විට බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු වන බවත් එම තත්ත්වය ඉවත් කළ පසු සාමාන්‍ය ප්‍රවාහන ගාස්තු ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා අවධාරණය කළේය .
යම් ප්‍රදේශයක කොවිඩ් තත්වයක් ප්‍රකාශයට පත් කළ විට එම ප්‍රදේශය තුළ කොවිඩ් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බව දැනුම් දෙන බවත් එවිට එම ප්‍රදේශයේ පමණක් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුවන බවත් ඒ මහතා පවසයි .
මෙම බැරෑරුම් අවස්ථාවේ බස් රථ ධාවනය යොදවමින් ලබාදෙන සහය පිළිබඳව තමන් බස් හිමියන්ට සහ රියැදුරු කොන්දොස්තර වරුන්ට ස්තුතිය පල කරන බව ද අමුණුගම මහතා වැඩිදුරටත් පැවසුවේය .
ෂේන් සෙනෙවිරත්න