කොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ මිස ආණ්ඩුව නොවන බවත්, එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍ය ප්රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත්, එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට අද (01) පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ලෝකයේ තිබෙන පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව මෙරට එන්නත් ක්‍රියාවලිය සිදුකරන බවත් සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජනතාවට ඒ සම්බන්ධ හොඳ අවබෝධයක් ලබාදීමෙන් පසුව බවත්, එන්නත ලබා ගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව දක්වා පෝරමයක් අත්සන් කර ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් එ සම්බන්ධ ගැටලුවක් ඇත්නම් අදාළ පුද්ගලයාට එම ස්ථානයේ සිටින නිලධාරියෙකුගෙන් එ සම්බන්ධව විමසා දැන ගැනීමට හැකි බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.