ඕනෑම කොවිඩ් එන්නතක් ලබාගත් අයට නැවත රුධිරය දන් දිය හැකි කාලසීමාව දින 7 දක්වා අඩු කර ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවාව සදහන් කරයි.
දැනට ලොව පවතින පර්යේෂන සහ දත්ත ආශ්‍රිතයෙන් රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය සංගමය නිර්ණායක ඉදිරිපත් කර ඇති නිර්ණායක මත මෙම දැනුම් දීම සිදුකරන බව ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍ය බෝධිනී සමරතුංග මහත්මිය අද කළ විමසීමකදි සදහන් කළාය.
ඒ අනුව මීට පෙර පැවැති දින 14 ක කාල සීමාව දින 7 දක්වා අඩු කර ඇත.
මෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හැකි පමණින් දායක වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ සදහා පහසු වේලාවන් වෙන්කර ගැනීම සදහා 0112369931-4 යන දුරකථන අංක වලට හෝ www.nbts.health යන වෙබ් අඩවියට ප්‍රවේශ වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි