ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින උදෑසන 9.31 කට මුම්බායි ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වී ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක කාර්යාලය පවසයි.
මෙම ගුවන් යානය මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරින් 01/28 දින අලුයම 6.00 ට මුම්බායි බලා පිටත්වී තිබේ.
මුම්බායි ගුවන් තොටුපළෙන් මෙම එන්නත් තොගය පටවා ගෙන මෙම ගුවන් යානය 01/28 දහවල් 11.26 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .