ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව එළඹෙන මැයි මස පළමු සතියේ සිට ලබාදීමට තීරණය කළ බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඊට අදාළ එන්නත් ප්‍රමාණය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවද ඔහු කීය.
මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණය මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කළ විමසීමේදී එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ එන්නත් තොගය ලබාදීම සම්බන්ධයෙන් සීරම් ආයතනයෙන් මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. කෙසේ වුවද එන්නත් තොගය කඩිනමින් ලබා ගැනීම සඳහා රජය ක්‍රියාත්මක වන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.