පී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවකට අද (03) එක් වෙමිනි.පොලොන්නරුව මහ රෝහල හා වැඩකටයුතු අවසන් අදියරේ පවතින ජාතික වකුගඩු රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල්වරයා එහි දි සෞඛ්‍ය කාර්ය මණ්ඩල අමතමින් මේ බව පැවසීය.
"කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අද අපි තීරණාත්මක අදියරකට පැමිණිලා සිටින්නේ. වැඩි පුරම කෝවිඩ් වසංගතයට ගොදුරු වුණු රෝගීන් සංඛ්‍යාවක් රැක බලා ගන්නේ පොලොන්නරුවේ.
මේ අවුරුද්ද බොහොම තීරණාත්මක අවුරුද්දක්.කෝවිඩ් වසංගතයත් එක්ක මම හිතන්නේ අපට මේ අවුරුද්ද ගත කරන්න සිද්ධ වෙයි.මම දන්නේ නෑ තව කොච්චර කාලයක් මේ වසංගත තත්ත්වය තියෙයි ද කියලා.
අපි එන්නතක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කවද්ද කියන දිනවකවානු ගැන දැනට මෙතන කියන්න පුළුවන් කමක් නෑ.කෙසේ වෙතත් දැන් අපේ රෝහල්වල සායනවලට එන රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා.ශල්‍යකර්ම අඩුවෙලා තියෙනවා.මිනිස්සු සමහර වෙලාවට එන්නේ නෑ බයයි.
ශල්‍යකර්ම කරන්න ගියාම පරික්ෂණ රාශියක් කරලා අපට තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපට මේවා තව දුරටත් පිටිපස්සට දාන්න පුළුවන් කමක් නෑ.ඒ නිසා අපට මේ වසංගත තත්ත්වයත් එක්ක දෛනික කටයුතු ආරම්භ කරලා සාමාන්‍ය විදිහට මේ අවුරුද්දේ අපේ දෛනික කටයුතු කරන්න වෙනවා.
ඒකට අපි සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විතරක් අදාළ දෙයක් නෙමෙයි අනිත් දෙපාර්තමේන්තු ආයතනවලත් සමහර ආයතන තුනෙන් එකක් වැඩට ආවා.සියයට 50ක් වැඩට ආවා.කණ්ඩායම් කරලා වැඩට ආවා.නමුත් එහෙම කරලා මෙය කවදාවත් පිරිමහන්න පුළුවන්කමක් නෑ.ඒ නිසා අපි සියලු දෙනාම මේකට මුහුණදීලා අපිට මේ රෝගයත් එක්කම ජීවත් වෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. අපට රෝගීන් හම්බ වෙයි.”