කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් සේවිකාවන් පිරිසකට කෝවිඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවිඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි.
කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත.
කෙසේ වෙතත් රෝහලගත රන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවිඩ් එන්නත්කරණයමද යන්න පිළිබඳව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් ඇඟලුම් සේවිකාවන්ගේ අසාද්‍ය තත්වයන් බරපතල නොවන බවටද රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර එන්නත් කිරීමේ උතුරු පලාත් වැඩසටහනේ මෙලෙස ආසාත්මිකතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙය බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක්ද සිදුකරන බවට කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.