කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ බවට සඳහන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවට එරටදී ප්‍රතිකාර ලැබෙන නිසා ඇය ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
දකුණු කොරියාවේ හා ඉතාලියේ හොඳ සෞඛ්‍ය පහසුකම් පවතින බවත්, වෛරසය පැතිර යාමත් සමග සමහර රටවලට ජනතාව ඇතුළත් කර නොගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.
එහෙත් ශ්‍රී ලාංකිකයන්ට රටට ඇතුළුවීමට ඕනෑම මොහොතක හැකියාව තිබෙන බවත්, ඒ සඳහා තහංචි දමා නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ලෝකයේ රටවල් කිහිපයක රෝගය ශීඝ්‍ර‘යෙන් පැතිර යන නිසා නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රෝග නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව ප්‍ර‘දේශයේ දූපත් යෝජනා කළද කොළඹ සිට සැලකිය යුතු මට්ටමේ දුරකින් එය පවතින නිසා මේ අවස්ථාවේදී එය අපහසුවක් බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව හොරණ පොකුණුවිට ප්‍ර‘දේශයේ පදිංචිකාරියක බවට තහවුරු වී ඇති අතර, ඇය වසර 10කට පෙර මෙරටින් ඉතාලිය බලා පිටව ගොස් ඇතැයිද වාර්තාවේ.