කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. ඒ අනුව ඉදිරියටත් කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමට කටයුතු කරන බව ඇය සඳහන් කළාය.