කොවිඩ් 19 ආසාදනය වී සිටි ගර්භනී කාන්තාවක් සිසේරියන් සැත්කමක් මගින් දරු උපතක් සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් බිහිකළ පළමු දරු ප්‍රසූතිය වෙයි. දරුවා හා මව නිරෝගී තත්ත්වයෙන් සිටියි.
පසුගිය මස 10 දා ඩුබායි සිට පැමිණි මෙම ගැබිනි කාන්තාව කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයට නිරෝධානයට යොමුකර තිබේ.
පසුව එහිදී ඇයට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය එම පරීක්ෂාවට ධනාත්මක වී තිබේ. ඉන් අනතුරුව ඇය කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ට ප්‍රතිකාර සඳහා විශේෂයෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඉදිකර තිබූ විශේෂ ඒකකයට ඇය ඇතුළත් කර තිබේ.
පසුගිය 23දා ඇය මෙම ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ සවස ඇයට ප්‍රසූත වේදනා ඇතිව තිබේ. මෙහිදී ඇය කොවිඩ් ආසාදිත වීම හේතුවෙන ඇයගේ විෂබීජ බාහිර පරිසරයට යොමුවීම වැළැක්වීම සඳහා වෙද්‍යවරුන්ට හා හෙදියන්ට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. මවගෙන් දරුවා ලබාගැනීම සඳහා සිසේරියන් සැත්කම සිදුකර ඇති අතර එයට 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එක්ව තිබේ.
සිසෙරියන් සැත්කමින් දරුවා බිහිකර ඇති අතර මව මෙන්ම දැරුවාද නිරෝගීව සිටින බව රෝහල සඳහන් කරයි.කෙසේ වෙතත් දරුවා කොවිඩ් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
නාගොඩ රෝහලදී මීට පෙර සාමාන්‍ය දරු ප්‍රසූතියක් මගින් දරුවෙකු බිහි කළ අතර පසුව එම මවට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.