ඊජිප්තුවේ ආරක්ෂක අංශ විසින් නව කොරෝනා වෛරසයට ධනාත්මක පරීක්ෂණයක් කිරීමෙන් පසු නිරෝධායනයෙහි යෙදී සිටි මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායමක් පවසයි.
ඔහුගේ ලැප්ටොප්, ජංගම දුරකථනය, මුදල් සහ හැඳුනුම්පත් රාජසන්තක කරමින් ආරක්ෂක හමුදා උතුරු ඊජිප්තුවේ එල් සයිඩ් ෂෙතාගේ නිවස වටලා තිබේ.
ඔහු කිසියම් චෝදනාවකට මුහුණ දී සිටියේද යන්න තවමත් පැහැදිලි නැති අතර, අල්-යූම් අල්-සබා පුවත්පතේ ඔහු සේවය කරමින් සිට තිබේ.
ආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.