ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (28දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ. රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආර්. ගුණරත්න මහතා සිය වැටුප සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළේය.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.