කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය. මුලින්ම රෝහල් 18ක් ඒ සඳහා හඳුනාගෙන තිබුණි.
මෙම රෝහල් 30 මේ වන විට සූදානම් තත්ත්වයක ඇති බවත් ඇය සඳහන් කළාය. එමෙන්ම දැඩි සත්කාර ඒකක වැඩිකිරීමට මේ වන විට තීරණය කර ඇති බවත් ඇය පැවැසුවාය.
රෝහල් සඳහා අවශ්‍ය ආරක්ෂක මෙවලම් ලබාදී ඇති බවත් තවදුරටත් ඒවා ලබාදීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.