කෝවිඩ් 19 හේතුවෙන් දකුණු ඇමෙරිකාවේ පළමු මරණය වාර්තා වී තිබේ. ආජන්ටිනාවේ අවුරුදු 64 පිරිමි පුද්ගලයෙක් සෙනසුරාදා දිනයේදි මෙසේ මියගොස් තිබේ.
පෙබරවාරි මාසයේදී ප්‍රංශයට ගිය පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ආජන්ටිනා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෙනසුරාදා දිනය වන විට ආජන්ටිනාවේ කොවිඩ් 19 ආසාදනය වූවන් අවම ලෙස 9ක් වාර්තා වී ඇති මේ සියල්ලන්ම පසුගිය කාලයේදී යුරෝපයේ සංචාරය කර ඇති පිරිස වෙයි.