සඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ කොවිඩ් 19 නව ආසාදිතයන් 19 ක් වාර්තා වී ඇති අතර චීනයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,754 දක්වා වර්ධනය විය.
නව ආසාදිතයන් අතරින් 17 ක් මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ අගනුවර සහ වුහාන් නගරයෙන් වාර්තා වෙයි.
අනෙක් ආසාදන දෙක බීජිං සහ ගුවැන්ඩොං පළාත්වලින් හමුවිය.
සඳුදා දිනයේදී මරණ 17 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 3,136 ක් දක්වා වර්ධනය විය.
මෙම මරණ සියල්ලම හුබෙයි පළාතෙන් වාර්තා වන අතර එයින් 16ක් වූහාන් නුවරින් වාර්තා වෙයි.
සඳුදා දිනෙය්දී සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 1,297 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
සඳුදා දිනයේදී බරපතල තත්ත්වයේ සිටි රෝගීන් සංඛ්‍යාව රෝගීන් සංඛ්‍යාව 317 කින් අඩු වී තිබේ.