කෝවිඩ් 19 ආසියාවෙන් පිටත පළමු මරණය ප්රංශයෙන් වාර්තා වී තිබේ. ප්රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජනවාරි 25 දා සිට මෙම මියගිය කාන්තාව හා ඇගේ දියණිය පැරිස් නුවර රෝහල් ගතව ප්රතිකාර ලබා තිබේ.
ප්රංශයෙන් කෝවිඩ් 19 ආසාදිතයන් 11ක් වාර්තා වෙයි. චීනයෙන් පිටතදී වාර්තාවන සිවුවැනි මරණය මෙය වෙයි.
පිලිපීනය, හොංකොං හා ජපානයේ මීට පෙර එක් මරණය බැගින් වාර්තා විය.