ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිරීති මහතා විසින් අදාළ මුදල් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.
එසේම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ජනපති හා අගමැති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එම සංගමයේ සහාය පළකරන බවද දන්වා තිබේ.