විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු රක්ෂිතය එවකට අමාත්‍යවරයෙකුව සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විසින් එළි කිරීම නීතිවිරෝධී බවත් අදාළ ප්‍ර දේශය ඔහුගේ පෞද්ගලික මුදලින් නැවත වන වගා කළ යුතු බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම වනාන්තර පද්ධතිය විනාශ කිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමක් විභාග කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කළේය.
උතුරේ අවතැන්වූවන් පදිංචි කිරීම වෙනුවෙන් මන්ත්‍රීවරයා මෙම පරසර පද්ධතිය විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබුණි.