කොල්ලුපිටියේ ඉදිවෙන මහා පරිමාණ හෝටලයක සේවය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මැලේරියා රෝගීන් බවට අණාවරණය කරගෙන තිබේ.
එම රෝගීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර පසුව අදාළ හෝටලයේ වැඩ කරන ඉන්දීය ජාතිකයන් සියලු දෙනාමට මැලේරියා රෝගින් වෙනුවෙන් භාවිත කරන එන්නත් ලබාදිමට කොළඹ ජාතික රෝහල ඊයේ (11දා) කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.