5/13 (3.28 PM)
කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය හා හෙට්ටිපොළ යන ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.
ඊයේ (12od) රාත්රියේද මෙම ප්රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවිය.ඒ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙනි. ඒ අනුව අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව ඉවත් කෙරිණි.
කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අද අලුයම පොලිස් ඇඳිරි නීතිය පැනවීය. කෙසේ වෙතත් ප්ර දේශයේ ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය පාලනය වීමත් සමග එසේ පැනවූ ඇදිරි නීතිය ඉවත් අද පෙරවරු 6.00ට ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය. මේ අතර හලාවතට පැනවූ ඇදිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරිණි.