කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.
කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කුලියාපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරික්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමට හැකි විය.