තමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක්, රූපවාහිනී නාළිකා කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ගැනීමට ප්‍රථම එහි සභාපති තනතුර සඳහා කැලුම් පාලිත මහීරත්න මහතා පත්කිරීමට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කටයුතු කළේය.
එසේම ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තම ධුර කාලයේ ශ්‍රී ලංකා රූපවාහිනී ශ්‍රේණිගත කිරීම්වලිදී රූපවාහිනී සංස්ථාව ශ්‍රේණිගත කිරීම්වල අංක අටේ සිට අංක 6 දක්වා ඉදිරියට ගෙන ආ ප්‍රකාශය සත්‍ය වුවත් රූපවාහිනී සංස්ථාව අංක දෙකක් ඉදිරියට පැමිණියේ එම ශ්‍රේණිගත කිරීම්වලිනි වෙනත් රූපවාහිනී නාළිකා දෙකක් ඉවත් වූ නිසා බවත් ඔහු සඳහන් කළේය.