කල්පිටිය පොලිස් බල ප්රදේශයට අයත්, තේලිය ප්රදේශයේ තව්හිදී ජමාත් මුස්ලිම් පල්ලියක් ආශ්රිත ගම්මානයක අද(25දා) කරන ලද මෙහෙයුමක දී, සැක කටයුතු කාන්තාවක ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු, අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
කල්පිටිය පොලීසිය සහ විජය නාවුක හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කොට තිබිණි. එහිදි සිය අන්න්යතාව තහවුරු කළ නොහැකි අයවලුන්, ප්රදේශයේ පදිංචිය තහවුරු කළ නොහැකි අයවලුන් මෙන්ම වාහන බල පත් යාවත්කාලීන නොකළ පුද්ගලයින් ද අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
සැකකරුවන් වයස අවුරු 20 සිට 50 දක්වා අතර වයස් කාණ්ඩවල අය වෙති.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි