කල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමිමට තිරණයක් ගෙන නැති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ මෙම රෝහලේ උපස්ථායකවරයකු කොව්ඩ් 10 ආසාදිතයකු බවට මේ වන විට සිදුකල ජෛව පටල සාම්පල මගින් සනාථ වි ඇති බවයි.
ඒ අනුව මෙම උපස්ථායකවරයා රෝහලේ පැය දෙකක පමණ කාලයක් රැදි සිට ඇති බවත් එයට පෙර දින 4ක් නිවාඩු ලබා ඇති බවත් ඒ අනුව අදාල ආසාදිත උපස්ථායකවරයා සමග රැදි සිටි හෙදියක් හා තවත් රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි .
නමුත් කිසිම ලෙසකින් මෙම තත්වය පදනම් කර ගනිමින් කල්පිටිය මුලික රෝහල වසා දැමිමට කටයුතු නොකරන බවත් කිසියම් පිරිසක් බොරු ප්‍රචාර කරමින් රෝහල වසා දමන බවට ගෙන යන ප්‍රචාරය වැරදි මතයක් බවද අධ්‍යක්ෂවරිය පැවසිය.
තමන් දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වෙත කොරෝනා පළමු අවධියේ සිට අදාල නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රැකියා වල නිරත වන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත අදාල දැනුම් දිම හා අනිකුත් කටයුතු කර ඇති බවත් මේ පිළිවෙත් අනුව කටයුතු කිරිම මත රෝහලක් වසා දැමිමට කිසිම ලෙසකින් උවමනා නැති බවද ඇය පැවසිය .
අදාල ආසාදිත උපස්ථායකවරයා මේ වන විට දංකොටුව මුලික රෝහලේ කෝවිඩ් ඒකකයට ඇතුලත් කර ඇති බවද ඇය පැවසිය.
ඒ සමගම එම උපස්ථායකවරයාගේ පවුලේ පිරිස් හා ඇසුර කල පිරිස් සොයා නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කරන බවද ඇය පැවසිය.