කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. මේ සමග කල්පිටියේ ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ඍජු සබඳතා සහිත ආසාදිතයන් හත් දෙනෙකුත්,ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් දෙදෙනෙකුත් මීට පෙර වාර්තා වී තිබිණ. ඒ සියලු ආසාදිතයින් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබයි.
කණිෂ්ඨ සේවකයා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට නියමිතව තිබේ. කල්පිටිය රෝහල මුළුමණින්ම විශ බීජ හරනයට හාජනය කිරීමටත් නියමිතය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි