කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක කළමණාකරුවකුට කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ වි ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කුරුණැගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාල කළමණාකාරවරයා පසුගිය 28, 29, 30 , දිනවල කල්පිටිය ශාඛාවට රාජකාරි සදහා පැමිණ ඇති බවද කියයි.
මෙම කළමණාකාරවරයා අසනිප තත්වයෙන් නිවසේ සිටියදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැනුවත් කර පසුව සිදුකල ජෛව පටල සාම්පල පරික්ෂණයකදි කොවිඩ් 19 ආසාදිතයකු බවට අද දින සනාථ වි ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම කළමණාකාරවරයා ආසාදිත විමත් සමග අදාල පුද්ගලික බැංකු ශාඛාවේ සේවය කල හා ඔහු ඇසුරු කල පිරිස් පිළිබදව විශේෂ සොයා බැලිමක් සෞඛ්‍ය අංශ අරඹා තිබේ.