කිලිනොච්චියේ ඇලක් ආසන්නයේ LTTE විසින් වළදැමු ගිනිඅවි තොගයක් සොයාගනියි
- 22 12 2020
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- වව්නියාව මධුශංක අමරසිංහ
කිලිනොච්චිය අරවියල්නගර් ප්රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුර පවසයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව අරවියල්නගර් ප්රදේශයේ ඇලක් ආසන්නයේ සිදු කරන ලද සෝදිසියකදී වලදමා තිබූ අදාල ටී.56 ගිනිඅවි තොගය සොයාගනු ලැබීය.
එහිදී වළදමා තිබූ ටී.56 ගිනි අවි 5 ක්, ටී.56. පතුරම් 30 ක් සහ ටී.56 ගිනිඅවි මැගසිනයක් තිබී සොයා ගනු ලැබීය.
අදාල ගිනිඅවි සොයාගන්නා විටත් දැඩි සේ අබලන් වී තිබූ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ ගිනි අවිබවට සැක පල කරන අතරම එම ගිනිඅවි අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්රීය කිරීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩි දුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
