කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව කැඳවීම සඳහා බලය ඇති බවත් වහාම පාර්ලිමේන්තුව කැඳවා මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය බේරා දෙන ලෙසට ඉල්ලා සිටින බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
“මේ වාතාවරණය හෙළා දකිනවා. කනගාටුවෙනවා. අපි පෙන්වා දුන්නා අපට අවශ්‍ය බහුතරයට වඩා තිබෙන බව. දැන් අපි කතානායකට කියන්නේ අපේ ගරුත්වය බේරා දෙන්න කියලා. අපි කලින් සිටි තැනට ආ යුතුයි. ඒක කරන්න කියලයි අපි ඉල්ලන්නේ. එතුමා (ජනපති) ඉල්ලා අස්වුණොත් පාර්ලිමේන්තුවෙන් ජනපතිවරයෙක් තෝරා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය තුළ යම් කැළඹීම් තියෙන බව දන්නවා.”