කලුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඊයේ(18දා) දිනය වන විට වාර්තා වී ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
මේ අතරින් 14 දෙනෙකු සුව වී නිවෙස් වලට පැමිණ ඇති බවත් කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් ඔහු සඳහන් කළේය.
බේරුවල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් 36 දෙනෙක් කළුතර සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශයෙන් රෝගීන් 4 දෙනෙක් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශයේ රෝගීන් 10 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි වෛද්‍ය අධ්යක්ෂවරයා කීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ