බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතයට ලක් වන පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමු කිරීම සඳහා නිරෝධාන මධ්‍යස්ථානයක් සපුගස්කන්ද මහා විදුහලේ දී ඊයේ ( 14 වැනිදා ) පෙරවරුවේ විවෘත කෙරිණි.
මෙය විවෘත කිරීම බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් සිදු විය.
මෙහි පොලිස් නිලධාරීන් 40 දෙනෙකු නේවාසිකව නිරෝධානයට යොමු කිරීමට ද සියලූ පහසුකම් සලසා තිබෙන අතර කැලණිය කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි ක්රීයාත්මක වෙයි.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ