කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් අද (14) අලුයම 5.00 සිට 16 වනදා එනම් සඳුදා අලුයම 5.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොළඹට ඇතුළු වන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලීසිය නිවේදනය කර සිටියි.
ඊට විකල්ප ලෙස කොළඹට පැමිණීමේදී කැලණි පාලම, කැලණිතිස්ස වටරවුම හරහා ඉඟුරු කඩේ හංදියට පිවිස සිරිමාවෝ බණ්ඩාරනායක මාවත , ආමර් බාබර් හංදියෙන් මහ විද්‍යාලය මාවත ඔස්සේ, පිටකොටුවටත් , බොරැල්ල දෙසටත් ආමර් වීදිය පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා පිටකොටුවටත්, බොරැල්ල දෙසටත් ගමන් කළ හැකි අතර ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවතින් නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසටත් ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.
කොළඹින් පිටවන ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය ගමනාගමනයට විවෘතව පවතිනු ඇති.