තද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 8.30 වන තෙක් වලංගු වෙයි.
ඒ අනුව බස්නාහිර,සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සෙසු ප්‍ර දේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව පළාත්වල හා මධ්‍යම කඳුකරයේ බටහිරි බෑවුම් ප්‍ර දේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක් තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය රතු නිවේදනයෙන් සඳහන් කරයි.