දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවලද සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.