2019 වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝක කාලගුණික අවධානම් දර්ශකය කටයුතු කර තිබේ.
2019 වසරේදී ලෝකයේ වැඩිම වශයෙන් කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්රෝ රිකෝ නම් වී තිබේ. මෙම දර්ශකය පෙරේදා (05දා) පෝලන්තයේ පැවැති වාර්ෂික කාලගුණ සමුළුවේදී එළි දක්වා තිබේ.
1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර ඇති අතර German Watch ආයතනය මෙම දර්ශකය ගණනය කරයි.
2016 වසරේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයහෙය වැනි ස්ථානයේ පසුවිය.
මෙම දර්ශකය අනුව 1998-2018 කාලයේදී කාලගුණ විපර්සාය හේතුවෙන් ලෝකය පුරා ජීවිතකෂයට පත්ව ඇති සංඛ්‍යාව 526000ක් පමණ වන අතර ලෝකය පුරා බරපතල කාලගුණ විපර්යාස 11500ක් පමණ වාර්තා වී ඇත. එම කාලයේදී සමස්තයක් ලෙස ලෝකයේ අහිමිවී ඇති ධනය ඩොලර් ට්‍රිලියන 3.47ක් පමණ වෙයි.
2019දී ඉහළ කාලගුණ අවධානමක් ඇති රටවල් - 01 ප්රොට්රෝ රිකෝ, 02 ශ්‍රී ලංකාව, 03 ඩොමිනිකාව, 04 නේපාලය, 05 පේරු, 06 වියට්නාමය, 07 මැඩගස්කරය, 08 සියරා ලියෝන්, 09 බංග්ලාදේශය, 10 තායිලන්තය