මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මහාචාර්යවරයාගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළකර සිටින බවද කථානායකවරයා පාර්ලිමෙන්තුවේදී අද (03දා) පැවසීය.
විපක්ෂයේ ප්රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා විසින් කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදුවූ බවට පෙන්වාදුන් අවස්ථාවේදී කථානායකවරයා මේ බව කීවේය.