සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම ජනතාවට ආදර්ශමත් විය යුතු බව හිටපු කතානායක වරයෙකු මෙන්ම වර්තමාන වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා 25 දින ලග්ගල දී පැවසීයක්දන දී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට ආදර්ශමත් නොවී හැසිරීම් තුළ ජනතාව නීතිගරුක පුරවැසියන් කිරීමේ බරපතල ගැටලුවක් පවතින බවත් සෑම මන්ත්‍රීවරයෙකුටම වැඩපිළිවෙළලක් තිබිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ඉදිකරන ලද කළු ගඟ ජලාශයේ දකුණු ඉවුරේ ගොවී ඉඩම් සඳහා මංගල දියවර නිකුත් කිරීම, ලග්ගල මහා විද්‍යාලයේ නව රංග ශාලාව විවෘත කිරීම ,ලග්ගල නගරයේ ඉදිකරන ලද නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඇතුළු උත්සව අවස්ථා කිහිපයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී ජනතාව ඇමතූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මුලින්ම රටේ පැතිර යන වෛරසයෙන් ජනතාව ආරක්ෂා විය යුතු බව සඳහන් කළේය. නිරන්තරයෙන් මුව ආවරණ පැළඳ මෙම ව්‍යසනයට හසුනොවී ජනතාවගේ සහයෝගය අවැසි බව පෙන්වා දුන්නේය.
“ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ ජලය සහ පොදු පහසුකම් බවය. ජනතාවගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව රටක තහවුරු කළ යුතු යුතුයි.
පසුගිය කාලයේ ජාතික ආරක්ෂාව බිඳ වැටීම හේතුවෙන් රට බර බරපතළ තත්ත්වයකට මුහුණ දුන්නා.
රටේ තරුණ ජනතාවට අවශ්‍ය රැකියා උත්පාදන වැඩපිළිවෙලවල් සඳහා කඩිනමින් රජය සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව වරාය නගරය, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ ආදී බොහෝ සංවර්ධන වැඩ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා.”