මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්ත පාර අසළ පාලු ඉඩමක දමාගොස් තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව මොරගහහේන පොලීසිය පවසයි.
වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා ඇති වූ දුර්ගන්ධයත් සමග විමසිලිමත් වූ ගම්වාසීන්ට මෙම ඖෂධ හමුවූ බවත්, ඉඩම් හිමිකරු කළ පැමිණිල්ලකට අනුව ඒවා සොයාගත් බවත් පොලීසිය පවසයි.
මෙම ඖෂධ ඉකුත් පෙරබවාරි මාසයට කල් ඉකුත්ව ඇති බවද පොලීසිය සොයා ගෙන ඇත.
මෙම ඖෂධ අතර, පණු රෝගයට ලබාදෙන මිලෙන් අධික ඖෂධ සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ ද වන බව කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මෙහිදි සඳහන් කළේ “ඖෂධ මෙලෙස බැහැරකිරීම නීතිවිරෝධීයි. අපි මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නවා” බවත්ය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්