කරෙයිනගර් අයවැය දෙවනවරටත් පරාදයි
යාපනය කරෙයිනගර් ප්රාදේශීය සභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය ඊයේ (21) දින දෙවන වර කියවීමෙන් පුසව පරාජයට පත්ව ඇති බවට වාර්තා වෙයි.
කරෙයිනගර් ප්රාදේශීය සභාවේ සභාපතිධුරය හිටපු සභාපතිවරයා මියයෑම හේතුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු දැරීය. ඔහු විසින් පසුගිය දෙසැම්බර් 8දා නව අයවැය සභාවට ඉදිරිපත් කළේය. එහිදීද එක් ඡන්දයකින් අයවැය පරාජයට පත් වූ අතර ඊයේ දින දෙවන වරටත් සංශෝධනය කොට අය වැය සභාවට ඉදිරිපත් කිරීමේදී පරාජයට පත්වීම විශේෂත්වයක් විය.
එහි දී නව අයවැයට පක්ෂව ස්වාධීන අපේක්ෂකයින් තුන්දෙනෙකුද ඊ.පී.ඩී.පී. පක්ෂ මන්ත්රීවරුන් දෙදෙනෙකුද ඡන්දය ප්රකාශ කොට තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් තිදෙනෙකුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ එක් මන්ත්රීවරයෙකු වශයෙන් අයවැයට විපක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
මේ අනුව දෙවන වරටත් කරෙයිනගර් ප්රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් එහි සභාපති ධුරය අහිමි වී ඇති අතර නව සභාපතිවරයෙකු දින 14 ක් ඇතුළත පත්කොට 2022 නව වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

