කරුණාගේ ප්‍රකාශට එරෙහිව මහ සඟරුවන පොලීසියට
විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශය ඇප ලබාදිය නොහැකි ප්‍රකාශයක් වන බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (22දා) පෙරවරු 10.00 ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට 'ජාතික විද්වත් සංඝ සභාව' කටයුතු යොදා තිබේ.
ඒ අනුව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්රමුඛ ගිහි හා පැවිදි පාර්ශ්ව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් 'අද' වෙත සිය අදහස් දක්වමින් ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය සම්බනධීකාරක පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් සඳහන් කර සිටියේ වෛරීය ප්‍රකාශ සිදුකරමින් මැතිවරණ ව්‍යාපාර දියත් කිරීම හා සමාජ කැළඹීම් ඇති කරවන විනයාගමූර්ති මුරලිදරන් මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජාතික විද්වත් සංඝ සභාව අපේක්ෂා කරන බවත්ය.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"2007 දී අයි.සී.සී. පී.ආර්. කියලා පනතක් එනවා. ඉන් කියවෙන්නේ මේ රටේ ජනතාව අතර අසමගිය ඇතිවන ප්‍රකාශ නොකළ යුතුයි කියලා. කරුණා කර තිබෙන්නේ මිය ගිය හමුදා සාමාජිකයන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ පවුලේ උදවිය, මේ වනවිට සේවයේ නිරත හමුදා සාමාජිකයන් ඇතුළු රටේ පොදු මහජනතාවගේ හිත් වේදනා ඇති කරවන ක්‍රියාවක්. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ ඇප ලබාදිය නොහැකි කරුණක් වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනී කියලා. විනයාගමූර්ති මුරලිදරන් මහා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සහ දරමින් මැතිවරණය උදෙසා මෙවැනි වෛරී සහගත ප්‍රකාශ සිදු කිරිමට ඉඩ තැබිය යුතු නෑ. ඉදිරියට එය සිදුවීම වැළැක්වීම අප සැමගේ වගකීමක් වෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා" යනුවෙන් පවසා සිටියහ.
popular news
-
Don Monday, 22 June 2020 09:17 AM
Why Buddhist priests are going to police? Why can't they go to their President, appointed by them? Where is the brave Attorney General? Where is This patriots Gammanpila, Wimal Weerawansa....?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
