කඩවත අන්තර් හුවමාරුව හා දකුණු අධිවේගය කඩවත සිට කෙරවලපිටිය දක්වා දිගුවන කොටසේ ඉදිකිරිම් මේ වසරේ ජුනි මාසයේදි නිම කර අවසන් කිරීමට නියමිතය.
කෙරවලපිටිය අධිවේගී මාර්ගයෙන් මාතර සිට කටුනායක සහ කොළඹ දක්වා ගමන් ගැනීම සඳහා අධිවේගී මාර්ගය කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් සම්බන්ධ වීම සිදු කෙරේ.
කඩවත අන්තර් හුවමාරුවෙහි සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9ක දුරකින් මාර්ගය ඉදිවෙන අතර කඩවතින් මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ දෙසට මීටර් 500ක දුරක කොටසක් පමණක් දැනට ඉදිකෙරෙමින් පවතී.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු දැනට ස්ථාන කිහිපයකින් අරඹා ඇති අතර මෙම කොටස කිලෝ මීටර් 36.5 ක දුරකින් සමන්විතය.
මෙම කොටසෙහි ගම්පහල වේයන්ගොඩ සහ මීරිගම යන නගරයන් ආශ්‍රිතව පිවිසුම් 03ක් වන අතර මෙම කොටසෙහි ඉදිකිරීම්වලදී ජල ගැලීම් හා ජල බස්නා පහසුව සඳහා කිලෝ මීටර් 12ක දුර ප්‍රමාණය කුළුණු මතින් ඉදිකෙරෙන බවත්, මෙහි රත්මලවිට සිට දාරළුව දක්වා කිලෝ මීටර් 4ක දුරක් ඝෘජුවම කුලුණු මතින් ඉදිවෙයි.
මධ්‍යම අධිවේගී මාර්ගයෙහි කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීම සඳහා චීන රජයේ ණයක් මගින් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 158කි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි