වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි නාවිකයින් හත් දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම පුත්තලම මුලික රෝහලේදී සිදුවු බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්.ජේ.කේ.අබේරත්න මහතා පවසයි.
මෙසේ ජෛව පටල සාම්පල ලබා ගැනිම සිදුවුයේ කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයට අයත් තබ්බෝව , කළාඔය , ඉගිනිමිටිය , නවගත්තේගම , ආදි මහජන සෞඛ්‍ය පරික්ෂණ කොට්ඨාසය තුල ස්ථිර පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවෙස් වෙත නිවාඩු ලබා පැමිණි පිරිස බවයි.
අදාල නාවික නැවියන් පිරිස කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මැදිහත් විමේන් නාවික හමුදාව පුත්තලම මුලික රෝහලට රැගෙන එම සිදුව තිබුනී.
ජෛව පටල සාම්පල ලබා ගත් පිරිස මේ වන විටත් ඔවුන්ගේ නිවෙස් වල නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යැවිමට කටයුතු කර තිබුනී.