කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුද හමුදව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වෙයි
“2020. 12. 16 දින කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබද දැනුවත් කිරිම. මෙම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවකි.
වසර ගණනාවක් වෙසක් කලාප වල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාණ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර 2020. 12. 16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුනි.
වැරදි අර්ථකතන වලට මගපෑදෙන ලෙසින් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරනය වන සිදුවිම පිලිබද සත්‍ය තත්වය පැහැදිලි කිරිම සදහා මෙම පණිවිඩය නිකුත් කරන ලදි.”